Saturday, September 21, 2024

General line - 0115112241

මතය ලැබෙන තුරු ඉවසන්න වෙනවා




බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිගේ මතය ලැබෙන තුරු ඉවසා සිටීමට සිදුව ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා.

හිටපු මහබැංකු අධිපතිවරයා වරදකරුවෙකු කළ හැක්කේ අධිකරණයට පමණක් බවත් කෝප් කමිටුවට කළ හැක්කේ නිර්දේශ කිරීම පමණක් බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අද (16) කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයා ඊට විටෙක ආවේගයෙන් හා විටෙක සිනාමුසු මුහුණින් පිළිතුරු දුන්නා.

එහිදී හෙතෙම සඳහන් කළේ “මම එකක් කියන්නම්.. මාධ්‍යට කෙනෙක් වැරදිකාරයෙක් කරන්න බැහැ. ඔයගොල්ලන්ට අමතක වෙලා තියෙනවා.. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නිදහස් කරපු කෙනෙක්.” යනුවෙනි.