Saturday, September 21, 2024

General line - 0115112241

පුද්ගලික අංශයත් විශ්‍රාම වැටුප දුන්නනම් හරි




පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රජයේ මෙන් විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමයක් රටේ තිබේ නම් රජයේ රැකියාවලට ජනතාවගේ ඇති පොරය ඉවරවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන පැවසුවා.

මෙවැනි ක්‍රම ගැන අලුතෙන් රජයක් හැටියට සිතිය යුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නා.

හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ අද (16) පැවති නිලමෙහෙවර ජනපති ජනතා සේවය සාර්ථකව අවසන් කරමින් පැවැති උත්සවයකට එක් වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මේ බව සඳහන් කළා.

නිලමෙහෙවර ජනපති ජනතා සේවයේ තවත් අදියරක් බෙන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් හෙට (17) පැවැත්වෙනවා.