Friday, February 14, 2025

General line - 0115112241

නිවාස 14 ක් ගින්නට බිලි




බදුල්ල රිදීපාන පුවක්ගොඩමුල්ල වතුයායේ නිවාස පෙලක ඊයේ (10) රාත්‍රියේ හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා. එම ගින්නෙන් නිවාස 14 ක් විනාශ වී ඇති බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ.

ජිවිත හානි මෙතෙක් වාර්තා වී නොමැති අතර නිවාසවල බඩුබාහිරාදිය ද ගින්නට හසුවී ඇති බවයි නිවැසියන් පවසන්නේ. සිදුවු හානිය හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

බදුල්ල පොලිසිය, බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා. පැය 4 ක පමණ කාලයක් ගින්න පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.