Friday, September 20, 2024

General line - 0115112241

වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්




ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති කෙනඩි ගුණවර්ධනට එම ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අමාත්‍යංශ ලේකම්වරයාගෙන් බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් අමාත්‍යංශ ලේකම්වරයා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව ද දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කෙනඩි ගුණවර්ධන අග‍්‍රාමාත්‍යවරයා ද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ (21) දිනයේදී රජයේ අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති කෙනඩි ගුණවර්ධනගේ කාර්යාලයට බලහත්කාරයෙන් ගොස් ලිපි ලේඛන කිහිපයක් ඇද දමා ඇති බවද වාර්තා වුණා.