Friday, September 20, 2024

General line - 0115112241

අසුන අතහැරීමට කතානායක සූදානමින්




තම අසුන ඕනෑම අයෙකුට පරිත්‍යාග කිරීමට සූදානම් බව කතානායක කරු ජයසූරිය පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කතානායක අසුන සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ ඉංජිනේරු අංශ නිලධාරියෙකු කථානායකවරයාගේ අසුනේ අසුන් ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් අලුවිහාරේ අද දිනයේත් කතානායකවරයාගේ අවධානයට යොමු කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් කථානායක කරු ජයසූරිය මේ බව කියා සිටියා.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනද අදහස් දැක්වූවා. ඔහු සඳහන් කළේ අදාළ සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වී ඇති බවයි.