Friday, September 20, 2024

General line - 0115112241

පාසල තුළදී පිහි ඇණුමක්




පාසලක් තුළදී එක් සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට පිහියකින් ඇණ තිබෙනවා.

තෙල්දෙණිය ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම තවත් සිසුවෙකු විසින් මෙලෙස පිහියකින් ඇණ ඇති බවයි වාර්තා වුණේ.

ළමයින් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිගයාමෙන් අනතුරුව අද (22) පෙරවරුවේ මෙම පිහි ඇණුම සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පිහි ඇණුමට ලක් වූ සිසුවා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යැවුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.