Friday, September 20, 2024

General line - 0115112241

සා/පෙළ ගැන කරුණු විමසන්න දුරකතන අංක මෙන්න




මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රවේශපත‍්‍ර මේ වනවිට තැපෑලට යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශපත‍්‍ර විදුහල්පතිවරුන්ට ලැබෙනු ඇති. විදුහල්පතිවරුන් ඒවා ළඟ තබා නොගෙන හැකි ඉක්මණින් අයදුම්කරුවන්ට ලබාදිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශපත‍්‍ර තැපැල් කර ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ටයි. ලබන 25 වනදා වනවිටත් ප‍්‍රවේශපත‍්‍ර නොලැබුණහොත් ඒ පිළිබඳ විමසීමට දුරකතන අංක කිහිපයක් විවෘත කර තිබෙනවා.

ඊට අමතරව 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද අදාළ විමසීම් කළ හැකියි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 06 වැනිදා ආරම්භ වනවා. ඊට පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතකට ආසන්නයි.

media-announcement-22-11