Friday, September 20, 2024

General line - 0115112241

සමිත්පුර පීරා 10 දෙනෙක් අල්ලයි




මට්ටක්කුළිය සමිත්පුර ප‍්‍රදේශයේ අද (22) උදෑසන කෙරුණු හදිසි මෙහෙයුමකින් පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අලුයම 4.30 සිට උදෑසන 9.30 දක්වා මෙම මෙහෙයුම සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් හතර දෙනෙකු ගංජා ළඟ තබාගෙන සිටි අයයි. අනෙක් අය විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනා.

මූලික ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.