Friday, September 20, 2024

General line - 0115112241

“විවෘත විශ්ව විද්‍යාල තවදුරටත් ශක්තිමත් කරනවා”




බාහිර උපාධි සඳහා අපේක්ෂකයින් ලියාපදිංචි කිරීම සීමා කිරීම නිසා පැනනැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) සාකච්ඡාවක් පැවැත්වුණා.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ කිසිවෙකුට අසාධාරණයක් සිදු නොවන පරිදි නව වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක ඇතුළත දී සකස් කරන බවයි.

විවෘත විශ්ව විද්‍යාලය තවදුරටත් ශක්තිමත් කරන බව ද බාහිර උපාධි පාඨමාලා දැනට එවැනි පාඨමාලා නොමැති සෙසු විශ්ව විද්‍යාලවල ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

අධ්‍යාපනයට ලබාදී ඇති පහසුකම් කිසිවිටෙකත් අහිමි නොකරන බවයි එහි දී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.