Friday, September 20, 2024

General line - 0115112241

සදාචාර විරෝධී අයවැය යෝජනාවක් ගැන රාජිත කියයි




දුම්පානයට එරෙහි ප‍්‍රචාරක වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන පන්සියයක් දුම්කොළ සමාගමෙන් ලබාගැනීමට මෙවර අයවැයෙන් කෙරුණු යෝජනාව සදාචාර විරෝධි බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු සඳහා දුම්කොළ සමාගමකින් මුදල් ලබා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ශ‍්‍රී ලංකාව 2003 දී අත්සන් කළ ප‍්‍රඥප්තියට ද පටහැනි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දුම්පානය අවම කිරීම සඳහා දැනටමත් විවිධ පියවර ගෙන තිබෙන බව ද මෙහි දී සිහිපත් කෙරුණා.

ප‍්‍රසිද්ධ ස්ථානවල දුම් පානය තහනම් කිරීම, දුම්වැටි ඇසුරුම්වල සියයට අසූවක් රූපමය අවවාද යෙදීම සහ දුම්කොළ නිෂ්පාදනවලට බදු වැඩි කිරීම එවැනි පියවර කිහිපයක්.

දුම්වැටිවල මිල වැඩිකිරීම නිසා දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 4 ක් පමණ දක්වා අඩු වී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියා.