Friday, September 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු පොකුණට වැටුණු කාර් රථය කාගෙද? (VIDEO)




පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති පොකුණට හයිබ්‍රිඩ් කාරයක් වැටී ඇතැයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

පාර්ලිමේන්තුවේ සිට පිටතට ධාවනය වෙමින් සිටි කාරයක් මෙලෙස වැටී තිබෙනවා.

මෙම වාහනය රාජ්‍ය ආයතනයකට අයත් එකක් බවත් වාර්තා වුණා. ඒ අනුව  එය කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා භාවිතා කළ රථය බවයි පැවසෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ 2017 වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැණුනා. ඒ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද පාර්ලිමේන්තුවට පැමිණෙනවා.

අදාළ මෝටර් රථය වර්ෂාවත් සමග පැවැති අඳුර නිසා මාර්ගය නොපෙනී පොකුණට වැටෙන්නට ඇතැයි ද වාර්තා වුණා.

පිරිස එක්වී රථය ගොඩ ගැනීම සහ රියදුරු බේරාගැනීම සිදු කර තිබෙනවා.