Friday, September 20, 2024

General line - 0115112241

මහනුවර සිසුවකුට පහරදෙන සිද්ධිය පොලිසියේ ඉහළටම




ළමයින්ගේ ආරක්ෂාව සමාජයේ සාමුහික වගකීමක් බව අවධාරණය කෙරෙනවා. එම වගකීම නිවැරදිව ඉටු නොවන්නේ නම් ළමයින් අනාරක්ෂිත වන බවයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් වැල්ලවත්ත පවසන්නේ.

මහනුවර ප‍්‍රදේශයේ පාසලක් ඉදිරිපිට දී කිසියම් පිරිසක් පාසල් සිසුවෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා. ජගත් වැල්ලවත්ත මෙම අදහස් පල කළේ ඒ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

මෙවැනි සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරීමට බලධාරී ආයතන පැමිණිල්ලක් ලැබෙන තෙක් බලා නොසිටිය යුතු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

අදාළ වීඩියෝවේ දැක්වෙන සිද්ධියේ දී පහර දීමට ලක්වන්නේ මහනුවර ජනප‍්‍රිය පාසලක සිසුවෙක්. වැළැක්වීමට හෝ පසු ක‍්‍රියාමාර්ග ගැනීමට කිසිවෙකුත් මැදිහත් නොවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් වහාම මැදිහත් වුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමක් කෙරුණා. පොලිසිය පැවසුවේ වැඩිදුර විමර්ශන සඳහා අදාළ සියලූ තොරතුරු මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වෙත ලබාදුන් බවයි.