Friday, September 20, 2024

General line - 0115112241

ඇමති මලික්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්




ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (23) පැමිණිල්ලක් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

වත්මන් ආණ්ඩුවේ දූෂිතම අමාත්‍යවරුන්ගේ ලයිස්තුව හෙවත් ටොප්ටෙන් ලයිස්තුවේ තුන්වැන්නා ද ඔහු වන බවයි ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ. මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන දහසක් වංචා කිරීම ඔහුට එරෙහි චෝදනාව බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.