Friday, September 20, 2024

General line - 0115112241

පූජා භූමි ආලෝකමත් කරන්න අලුත් වැඩක්




සූර්යය බලශක්තියෙන් ශ‍්‍රී ලංකාවේ පූජා භූමි ආලෝකමත් කිරීමේ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබෙනවා.

‘පුරවර සැරිසර’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස සොලොස්මස්ථාන සූර්ය බලශක්තියෙන් ආලෝකමත් කිරීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ හා මහජන සම්බන්ධතා අංශයේ අතිරේක ලේකම් එම්.කේ.බී. දිසානායක පැවසුවේ රටේ විකල්ප බලශක්ති පිළිබඳව දැඩි කතාබහක් ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කළ බවයි.

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමීව රාජ්‍ය සේවකයින් දහසක් දඹදිව වන්දනා චාරිකාවක රැගෙන යාම ද මෙම වැඩසටහන යටතේ සිදුකිරීමට නියමිතයි. සමස්ත ලංකා වෙළෙඳ සංගමය මේ සඳහා ද අනුග‍්‍රහකත්වය ලබාදෙනවා.