Friday, September 20, 2024

General line - 0115112241

අමාත්‍යාංශ ලොකු පුටුවකට අනුරට ආරාධනාවක්




හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු මෙන්ම කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ආරාධනාව සිදු කළා.

කෘෂිකර්මාන්තයේ ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායකට මෙම ආරාධනාව සිදු කෙරුණු බවයි පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.