Friday, September 20, 2024

General line - 0115112241

කන්ටේනර් 16 ක් සෝදිසි කරද්දී එකක කොකේන්




ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ කන්ටේනරයක් තුළ තිබී කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග‍්‍රෑම් 200 ක් සොයාගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සීනි රැගෙන එන මුවාවෙන් මෙම කොකේන් තොගය බ‍්‍රසීලයේ සිට මෙරටට රැගෙනවිත් ඇති බවයි.

අධිකරණ නියෝගයක් මත ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ තිබූ කන්ටේනර් 16 ක් අද (24) පරීක්ෂාවට ලක්කළා.

එහිදී එක් කන්ටේනරයක තිබී මෙම කොකේන් තොගය සොයා ගැනුණා.