Friday, September 20, 2024

General line - 0115112241

බුලත්විටත් කාලා හමාරයි




දිවයින පුරා සියලූම පාසල් ආශ්‍රිතව මීටර් පන්සියයක් දක්වා දුර ප්‍රමාණයක දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යෝජනා කර තිඛෙනවා.

ඔහු මෙම අදහස් පල කළේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් අද පැවැත් වූ වැඩමුළුවකට එක්වෙමින්.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ හුණු සහ පුවක්වලට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.

හුණු සහ පුවක් මෙරට සංස්කෘතියට අත්‍යවශ්‍ය දෙයක් වුව ද ඒවා භාවිත කිරීම හේතුවෙන් වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.