Friday, September 20, 2024

General line - 0115112241

දෙසැම්බර් පළමුවනදා සිට පෞද්ගලික බස් වර්ජනයක




දෙසැම්බර් පළමු වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට බස් සංගම් කිහිපයක් තීරණය කර තිඛෙනවා.

ඒ, මාර්ග නීති කඩ කිරීම් හතකට අදාළව රජය විසින් පනවනු ලැබූ රුපියල් විසිපන් දහසේ නව දඩයට විරෝධය පල කරමින්.

මේ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ අවම දඩය ලෙස පෙර පැවති රු 550ට නැවත අඩු නොකරයි මෙය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි.

පෞද්ගලික බස් රථ ධාවකයින්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පැවසුවේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් සූදානම් වන බවයි.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර ද මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ ප්‍රවාහන සංවිධාන 29 ක් වර්ජනයට එක්වන බවයි.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙම මාධ්‍ය හමුවට සහභාගී වූයේ නැහැ.

මේ අතර මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ රජයේ ආදායම් වලට මෙම දඩ මුදල් ගණන් නොගන්නා බවයි.එම මුදල් සෞඛය වැනි ශේෂ්ත්‍ර සඳහා යොදවන බවයි හෙතම වැඩිදුරටත් කියා සිටියේ්‍