Friday, September 20, 2024

General line - 0115112241

ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පැමිණිලි 14ක්




ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රවෘත්ති පළකර ඇති බව කියමින් නීතිඥ මධුර විතානගේ ඊයේ (23) අධිකරණයට පැමිණිළි 14ක් ඉදිරිපත් කළේය.

අවස්ථා 14කදී  අධිකරණයට අපහාස වන අන්දමේ පුවත් පළකර ඇති බවත්,ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් සිදු කරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශණයක් කර සුදුසු දඬුවම් ලබා දෙන ලෙසත් මධුර විතානගේ කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.