Friday, September 20, 2024

General line - 0115112241

ඊ නිව්ස් කර්තෘට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක්




ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළා.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මතයි. ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමටයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර නියෝග කළේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ ඔහුගේ ඡායාරූපයක් පල කර අධිකරණයට අපහාස කළ බවටයි සඳරුවන් සේනාධීරට එරෙහිව චෝදනා කර ඇත්තේ.

මේ අතර අදාළ වෙබ් අඩවිය මගින් විනිසුරුවරුන් කිහිප දෙනෙකුට හා අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රවෘත්ති පල කර ඇති බව පවසමින් ඉකුත්දා අධිකරණය හමුවේ පැමිණිලි 14 ක් ද ගොනු කෙරුණා.