Friday, September 20, 2024

General line - 0115112241

වෛද්‍යවරුත් වැඩ වර්ජනයකට සූදානම් වෙති




අයවැයේ සඳහන් යෝජනා කිහිපයකට විරෝධය පල කරමින් ඉදිරියේ දී වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ අයවැය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බරපතල හානි සිදුවන යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

රක්ෂණ ක්‍රමයක් මත පදනම් වූ සෞඛ්‍ය ක්‍රමයක් ඇති කිරීම සඳහාත්,සෑම රෝගියෙකුට බිලක් නිකුත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙම යෝජනා තුළ ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමේ අරමුණක් නොව හුදෙක් ගනුදෙනුවක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව සතියක් ඇතුළත මෙම ගැටළුවලට විසඳුමක් නොලැඛෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිඛෙනවා.