Friday, September 20, 2024

General line - 0115112241

හොර රා නිෂ්පාදකයින්ට එරෙහිව සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් සටනක්




කෘති‍්‍රම රා නිෂ්පාදනය කිරීම නිසා කළුතර දිස්ත‍්‍රික්කයේ ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

බේරුවල පිහිටි මහා පරිමාණ ස්කාගාරවලට මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා රැගෙන එන්නේ කෘති‍්‍රම රා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඊට එතනෝල් මිශ‍්‍ර කර මත්පැන් නිෂ්පාදනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉකුත් රජයේ කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කළ අමාත්‍යවරයෙකු කෘති‍්‍රම රා සපයා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

බේරුවල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.