Friday, September 20, 2024

General line - 0115112241

දිලිඳුකම පිටු දැකීමට ජනපතිගෙන් විශේෂ කමිටුවක්




දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන අධික්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කටයුතු කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

අමාත්‍ය සරත් අමුණුගමගේ ප‍්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ගණන 8ක්. රවි කරුණානායක, කබීර් හෂිම් සහ සජිත් පේ‍්‍රමදාස යන අමාත්‍යවරුන් කමිටු සාමාජිකයින් වනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේද එහි සාමාජිකයන් ලෙස නම්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය එ්කකය පැවසුවේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්ද කමිටුවේ සාමාජිකයන් ලෙස නම්කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකද ඊට නම්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේ.

2017 වර්ෂය රට දිළිඳු බවින් නිදහස් කර ගැනීමේ වසර ලෙස කි‍්‍රයාවට නැංවීම සහ ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වුණා.