Friday, September 20, 2024

General line - 0115112241

බැසිල්ගේ “දේශපාලන බෝම්බය”ගැන ඩිලාන් පෙරේරා කතාකරයි (VIDEO)




ඉදිරි පළාත් පාලන මැතිවරණය පිලිබඳ ජනතාව බලාපොරොත්තු නොවන ආකාරයේ “දේශපාලන බෝම්බයක්” පත්තු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සහ එජාප කණ්ඩායමක් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අද (25) පැවසුවා. ඒ මුදල් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් කණ්ඩායමක්ද සහභාගී වී සිටියා.

මේ පිළිබද සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණ කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා ඒ පිලිබඳ අභියෝග කරන්නේ නම් පැය 24ක් තුළ සියල්ල හෙළිදරවු කිරීමට තමා සුදානම් බව ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ මෙහෙයුමේ බැසිල් රාජපක්ෂ මහතා සිටින හෙයින් ඔහුට අවශ්‍ය පරිදි පළාත් පාලන මැතිවරණයේ යම් වෙනස්කම් කිරීමට එජාප කණ්ඩායම පොරොන්දු වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

එම වීඩීයෝව පහතින් දැක්වේ

001 002