Friday, September 20, 2024

General line - 0115112241

මැතිඇමති වැටුප වැඩි කළ යුතු හේතු කියයි




මැති ඇමතිවරුන්ට පමණක් නොව රටේ සියලු ක්ෂේත‍්‍රයන්ගේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට ආණ්ඩුව පිළිගන්නා බව අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

එහෙත් රටක් ලෙස එය සිදු කළ යුත්තේ ක‍්‍රමානුකූලව බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු මේ බව පැවසුවේ කැකිරාව ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට වැටුප් වැඩිවිය යුතු හේතුව පිළිබඳව ද පී. හැරිසන් අමාත්‍යවරයා එහි දී අදහස් පළ කළා.

එහිදී හෙතෙම පැවසුවේ “සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙ මූලික වැටුප වෙන්නෙ රුපියල් 54000 යි. කැබිනට් ඇමතිවරයෙක් ගත්තොත් රුපියල් එක්ලක්ෂ පනස්දහසකට අඩු වැටුපක් ලබන්නේ. සමහර සංස්ථා සභාපතිවරු වැටුප ලෙස ලක්ෂ පහක් හයක් ගන්න අය ඉන්නවා. ඒ නිසා මැතිඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි.” යනුවෙනි.