Friday, September 20, 2024

General line - 0115112241

විග්නේෂ්වරන් සමග විවාදයකට සද්ධාතිස්ස හිමියන් සූදානම්




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හමුවේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ආරවුලක් නිර්මාණය කිරීමට උත්සහ දරන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා.

අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳ අදහස් දැක් වූ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේ සිංහල මහජාතියත් සමග ජීවත්වීමේදී ගැටුම් ඇති වෙන බවට මුස්ලිම් ජාතිකයින් විසින් යෝජනාවක් ගෙන ඒමට කටයුතු සකසමින් ඇති බවයි. ඒ හරහා ඔවුන් ජීවත්වීමට වෙනම කලාපයක් ඉල්ලා සිටීමේ අරමුණකින් ක්‍රියාත්මක වෙන බවද පැවසුවා.

මේ අතර උතුරු පළාත් සභාව මේ වනවිට උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමේ වැඩපිළිවෙලක නිරත වන බවට ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.  පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේ උතුරේ ඇති වෙහෙර විහාර පිළිබඳව උතුරු පළාත් සභාව සමග ඕනෑම මොහොතක විවාදයකට හෝ සාකච්ඡාවකට තමන් සූදානම් බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරේ ඓතිහාසික පුදබිම් සහ වෙහෙර විහාර ඇති ස්ථාන පිළිබඳව සඳහන් කළ ලිපියක් කඩිනමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට යැවිය යුතු බවද පෙන්වා දුන්නා.

සති තුනක් ඇතුළත එම කටයුතු සිදු නොවුනහොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැටලීමට කටයුතු කරන බවද  පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සඳහන් කළා.