Friday, September 20, 2024

General line - 0115112241

රුපියල් 25000 සේ දඩයට සහනයක් දෙන්න රජය ලෑස්තියි




රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් අවම දඩ මුදල රුපියල් 25000 ක් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කෙරුණා.

මෙහිදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සඳහන් කළේ බීමත්ව රිය පැදවීම අනුමත කළ නොහැකි බවයි. එමෙන්ම රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමට නිදහසක් ලබා දිය හැකිද යන්නත් ප්‍රශ්න කළා.

කෙසේ වෙතත් වමෙන් ඉස්සර කිරීමට දඩය වැඩියි යනුවෙන් පවසන්නේ නම් ඒ සඳහා වසරක පමණ සහන කාලයක් ලබා දීමට රජය සූදානම් බවත් සඳහන් කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේ “දඩය වැඩියි කියලා කියනවා නම් පොඩි සහන කාලයක් දෙමු බලන්න.. මිනිස්සු හැදෙනවාද කියලා බලන්න. රජය ඒ වගේ සංවාදයකට ඇවිල්ලා යම් සහනයක් දෙන්න ලෑස්තියි.” යනුවෙනි.