Friday, September 20, 2024

General line - 0115112241

හදිසි පරිසර විපර්යාසයකින් ඕස්ටේ‍්‍රලියාව කැළඹේ




ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර කාලගුණයේ සිදුවී ඇති විපර්යාසයක් හේතුවෙන් ජනතාව දරුණු ස්වසන ආබාධයකට මුහුණ පා තිබෙනවා. ඒ මේ දිනවල ඕස්ටේ‍්‍රලියාවට බලපා ඇති දරුණු වැසි සහ තද සුළං හේතුවෙන්.

ඉතා දුර්ලභ ගණයේ ස්වභාවික සංසිද්ධියක් වන මෙහිදි සිදු වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ තණ බිම් ආශ‍්‍රිතව වැඩෙන ශාක විශේෂවල වියළි පරාග කණිකා, පවතින දැඩි සුළගත් සමග මිනිස් ස්වසන මාර්ගයට ඇතුළු වී ආසාත්මිකතා ඇති කිරීමයි.

ස්වසන අපහසුතා හේතුවෙන් අනුපූරක වෛද්‍ය කණ්ඩායම් හා රෝහල් කාර්යබහුල වි ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ.

මාරාන්තික ස්වසන අපහසුතා හේතුවෙන් මේවන විටත් දහස් ගණනින් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මිය ගිය ගණනද 08 දක්වා ඉහළ ගොස් තිබෙනවා.