Friday, September 20, 2024

General line - 0115112241

පාසල් සහ ඒ අවට ආපනශාලා 112ක නුසුදුසු ආහාර




කොළඹ මහනගර සභා බලප‍්‍රදේශයේ පාසල් ආපනශාලා හා පාසල් අවට ආපනශාලා 682ක් ඊයේ දිනය තුළ පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඉන් ආපනශාලා 112ක පරිභෝජනයට නුසුදුසු ආහාර තිබී සොයාගෙන තිබුණා. ඒවා විනාශ කිරීමට පියවර ගෙන ඇති අතර ආපනශාලා 12කට එරෙහිව නඩු පැවරූ බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම පරීක්ෂා කිරීම් සිදුවුණේ ජාතික ආහාර සුරක්ෂිතතා සතිය යටතේයි. ඊයේ (28) දිනය තුළදී පමණක් භෝජනාගාර, බේකරි සහ ආපනශාලා 4421ක් පරීක්ෂාවට ලක් කෙරුණා.

එම ස්ථානවලින් 51කට නඩු පැවරූ අතර භෝජනාගාර සහ බේකරි 208ක තිබූ ආහාර විනාශ කෙරුණු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.