Friday, September 20, 2024

General line - 0115112241

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයට පොලිස් ආරක්ෂාව




රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමට අවශ්‍ය වෛද්‍ය වාර්තාව ලබා ගැනිමට අද (29) දිනයේද විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය අසළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, ඔවුන් කළහකාරී ලෙස හැසිරීමෙන්.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියේ සහය ලබා ගත් බවයි ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

රථ වාහන වැරදි 07ක් සම්බන්ධයෙන් පනවා ඇති දඩය රුපියල් විසිපන්දහස දක්වා ඉහළ නැංවීමට කර ඇති යෝජනාව, මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුවයි.

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ වයස අවුරුදු 25ට අඩු තරුණයින් වැඩි වශයෙන් රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමට අවශ්‍ය වෛද්‍ය වාර්තාව ලබා ගැනිමට පැමිණෙන බවයි.