Friday, September 20, 2024

General line - 0115112241

හෙට පැය 07ක ජල කප්පාදුවක් – ප්‍රදේශ මෙන්න




රාජගිරිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට රාත‍්‍රි 10යේ සිට පසුදා අළුයම 05 දක්වා පැය 07ක කාලයක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල කොස්වත්ත සහ බණ්ඩාරනායකපුර යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මිට අමතරව රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගවලද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියා සිටියේ.

අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතුවයි.