Friday, September 20, 2024

General line - 0115112241

දිවයින පුරා හෙට වෛද්‍ය වර්ජනයක්




හෙට (30) උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ 2017 අයවැය ලේඛනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි.

අද (29) පෙරවරුවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.