Thursday, September 19, 2024

General line - 0115112241

තරුණ උද්ඝෝෂණ ‘වැළක්වීමේ ක්‍රමය ගැන’ මහින්දගෙන් මග පෙන්වීමක්




මෙරට දේශපාලනය කෙරෙහි ජනතාව තබා තිබූ විශ්වාසය පළුදුවීම කනගාටුදායක කරුණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වී වසර 85ක් සපිරීම නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

තරුණ තරුණියන් විවිධ උද්ඝෝෂණවලට සහ විරෝධතාවලට සම්බන්ධ වීම සඳහා මහ මගට පැමිණිම වැළැක්විය හැක්කේ සර්වජන ඡන්ද බලය කෙරෙහි විශ්වාසය ඇති කිරීමෙන් බවද මෙහිදී ඔහු පෙන්වා දුන්නා.