Friday, April 26, 2024

General line - 0115112241

ඇමතිගේ ගරාජ් එකේ මේ දැන් පාක් කරපු කෝටි 3.5 කිරි ටොයියා (PHOTOS)



ජනතාවට අධික ලෙස දඩ මෙන්ම බදු පන්වන අතරේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කිරීම පිළිබඳව සමාජයේ මෙන්ම මාධ්‍ය තුළත් දැඩි කතාබහකට ලක්ව තිබේ.

ඇමතිවරුන් විසිහත් දෙනෙකු වෙනුවෙන් මෝටර් රථ මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නව කෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් විය.

කෙසේ වෙතත් ජනතාවට පටි තවත් වසර කිහිපයක් පටි තද කරගන්නා ලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන් ප්‍රකාශ කරන විට බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු මීට සුලු මොහොතකට පෙර ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයකි මේ.

මෙය ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට අයත් වූවක් බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් අණාවරණය වන්නේ.

එස් 300 වර්ගයේ බෙන්ස් රථයක් වන මෙය රු මිලියන 35ක් මිල වන බව සඳහන්.

15203248_1609761099330543_7234043639431344640_n 15241366_1609761132663873_5835102304470923394_n 15253628_1609761122663874_5136610327471939049_n 15317853_1609761105997209_8427131174830186618_n

බෙන්ස් එස් 300 රථයක බාහිර පෙනුම

2014-mercedes-benz-s-class-live-photos-from-unveiling-in-hamburg_100427472_l