Thursday, September 19, 2024

General line - 0115112241

පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්




තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

ඒ, දැනට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින්.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීති විරෝධී බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිමින් ඔහු මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

පිල්ලෙයාන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ මඩකලපුව දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනා මතයි.