Thursday, September 19, 2024

General line - 0115112241

බස් රථ සහ ත‍්‍රීරෝද රථ රියදුරන් වැලිමඩ නගරයේ විරෝධතාවක (VIDEO)




රුපියල් විසි පන්දහසේ දඩයට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ හිමියන් සහ ත‍්‍රීරෝද රථ රියදුරන් මේ වන විට වැලිමඩ නගරයේ විරෝධතාවක නිරත වනවා.

ඔවුන් ලංගම බස් රථ සහ සෙසු වාහන ධාවනය කළ නොහැකි පරිදි මාර්ග අවහිර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් බදුල්ල, බණ්ඩාරවෙල හා නුවරඑළිය මාර්ග අවහිර වී තිබෙනවා. නගරයේ ඇතැම් වෙළෙඳසැල් වසා දමා ඇති අතර ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් කැඳවා ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

welimada-www-nethnews-lk001 welimada-www-nethnews-lk002