Thursday, September 19, 2024

General line - 0115112241

විරෝධතාවක් අත්හිටුවන්නැයි පොලිසිය කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරයි




ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු සංකීර්ණය අසල හෙට (03) පැවැත්වීමට නියමිත විරෝධතාවක් අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉදිරිපත් කෙරුණු ඉල්ලීමක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (02) ප‍්‍රතික්ෂේප කළා.

මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළේ වැලිකඩ පොලිසිය විසින්. ඒ අනුව අදාළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය අදාළ පාර්ශ්වයන්ට කොන්දේසි සහිතව විරෝධතාවයේ නිරත වීමට අවසර ලබාදුන්නා.

ඒ අනුව පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට ඇතුළු නොවී වාහන ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයට සහ මහජනතාවට පීඩාවක් නොවන පරිදි විරෝධතාව සිදුකරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා අදාළ සංවිධායකයින්ට නියෝග කළේ.