Friday, April 26, 2024

General line - 0115112241

සොලමන් දූපත් ආශ‍්‍රිතව ප‍්‍රබල භූ කම්පනයක්




ඕස්ටේ‍්‍රලියාවට ඊසාන දෙසින් පිහිටි සොලමන් දූපත් ආශ‍්‍රිතව ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

පැසිෆික් සුනාමි අනතුර ඇඟවීමේ මධ්‍යස්ථානය වාර්තා කළේ රික්ටර් මාපාංක ඒකක 7.8 ක ප‍්‍රබලතාවකින් එම භූ කම්පනය සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් වනාටු, පැපුවානිව්ගිනියා සහ නාවුරු ඇතුළු අවට දූපත් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.