Friday, September 20, 2024

General line - 0115112241

මැලේසියා රජු සහ අගමැති ලබන වසරේ ශ්‍රී ලංකාවට




ලබන වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට මැලේසියාවේ නව රජු වන පස්වන සුල්තාන් මොහොමඩ් රජු සහ එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් එකඟතාව පළ කර තිඛෙනවා.

ඒ එරට නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනයක් පිළිගනිිමින්.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මැලේසියා අග්‍රාමාත්‍යවරයා සහ රජු හමු වූ අවස්ථාවේදී ශ්‍රීී ලංකාවට පැමිණෙන ලෙස නායක දෙපළගෙන් ඉල්ලා සිටියා.

ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රාහීම් අන්සාර් පැවසුවේ.

මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට ඊයේ රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වූවා.ඒ එරට අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.එහිදී කුඩා දරුවන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සංදර්ශණයක්ද පැවැත්වුණා.

අද ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරයේ අවසන් දිනයයි.

15592484_10154736697657092_676925880_n 15554721_10154736697807092_1876285655_n 15554816_10154736698007092_1561994391_n 15554973_10154736697757092_823656121_n 15556074_10154736697872092_731835350_n 15577427_10154736697902092_221888096_n 15591711_10154736697917092_562513653_n 15592135_10154736697527092_2119522789_n 15592382_10154736697642092_1152363952_n

ඡායාරූප – නෙත් නිව්ස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ