Friday, September 20, 2024

General line - 0115112241

උතුරු මැද දේශපාලනඥයෙකු දැව ජාවාරමක (PHOTOS)




උතුරු මැද පළාතේ ප‍්‍රබල දේශපාලනඥයෙකු විසින් කහල්ල පල්ලේකැලේ අභයභූමියේ ගල්කිරියාගම ප‍්‍රදේශය ආසන්නයේ දැව ජාවාරමක් සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ගල්කිරියාගම වනජිවි කාර්යාලයේ නිලධාරීන් ප‍්‍රකාශ කළේ දැනටමත් එම ප‍්‍රදේශයේ අක්කර 50ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් එලිපෙහෙලි කර ඇති බවයි.

අදාළ ස්ථානය වනජීවි නිලධාරින් විසින් වැටලූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුනා. බැකෝ යන්ත‍්‍රයක්ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදු කළ ප‍්‍රශ්නවලදී අනාවරණ වී ඇත්තේ උතුරු මැද පළාතේ ප‍්‍රබල දේශපාලනඥයෙකු බීජ වගා ව්‍යාපෘතියක් සඳහා මෙම ප‍්‍රදේශය එලිපෙහෙළි කරන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවයි.

kahalla-www-nethnews-lk001 kahalla-www-nethnews-lk002 kahalla-www-nethnews-lk003 kahalla-www-nethnews-lk004 kahalla-www-nethnews-lk005 kahalla-www-nethnews-lk006 kahalla-www-nethnews-lk007