Friday, September 20, 2024

General line - 0115112241

තැපෑලේ වර්ජනය නිසා දඩ ගෙවන්නන් අමාරුවේ




තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් රථවාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දෛනික කටයුතු සියල්ලද අඩපණ වී තිබෙනවා.

තැපැල් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ ලිපි සහ පාර්සල් රැසක් මේ වන විටත් ගොඩගැසී ඇති බවයි. වර්ජනය සම්බන්ධයෙන් තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

“දිවයින පුරා තැපැල් සේවකයින් විසින් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළ පැය 48ක සංඛේත වැඩවර්ජනය මේ වන විට දිවයින පුරා තැපැල් කාර්යාලවල සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ක්‍රියාත්මක වනවා. මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුව සහ මේ අවට මේ අවට සියළු තැපැල් කාර්යාල වසා තිබෙන්නේ”.

තම ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තැපැල්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා. ඒ, කොළඹ තැපැල් මූලස්ථානයේදීයි. ගැටලූව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වුණේ.

මේ අතර හැටන් තැපැල් කාර්යාලයේ සේවකයින් අද පෙරවරුවේ සිට තැපැල් කාර්යාලය වසා දමා එය ඉදිරිපිට ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

post-www-nethnews-lk001 post-www-nethnews-lk002 post-www-nethnews-lk003 post-www-nethnews-lk004 post-www-nethnews-lk005