Friday, September 20, 2024

General line - 0115112241

සප්ත කන්‍යා කඳුවැටියේ අතරමං වූ පිරිස කුරු අලි බලන්න ගියාද ?




වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සමනල ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සතියේ සප්ත කන්‍යා කඳු රක්ෂිතයේ කුරු අලින් නැරඹීමට ගොස් සිටියදී පුද්ගලයින් 5 දෙනෙකු අතරමං වීමේ සිද්ධියෙන් පසුවයි.

මෙවැනි පුද්ගලයින් හේතුවෙන් රක්ෂිතයේ ස්වභාවික පරිසරයට සහ නිදහසේ සැරිසරන කුරු අලින් ඇතුළු වනසතුන්ට හිරිහැර සිදුවනවා.

එම නිසා අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්ම කරන බවයි නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ.

saptha-www-nethnews-lk001 saptha-www-nethnews-lk002 saptha-www-nethnews-lk003 saptha-www-nethnews-lk004 saptha-www-nethnews-lk005

971329_10151815440958301_1283879229_n maxresdefault