Friday, September 20, 2024

General line - 0115112241

උතුරු මැද පළාත් ගිලන් රථ රියදුරන් වර්ජනයක




උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන ගිලන් රථ රියදුරන් හෙට (21) සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරු සේවාව දෙපාර්තමේන්තුගත සංවෘත සේවාවක් ලෙස ස්ථාපිත කරන ලෙස බලකරමින්.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, ප‍්‍රධාන අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා තම ඉල්ලීම්වලට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බව එම රියදුරන් ප‍්‍රකාශ කළා.