Friday, September 20, 2024

General line - 0115112241

විදුලිය වෙනුවෙන් ලොකු ණය ආධාරයක් ලැබෙයි




දිවයිනේ නොදියුණු සහ උතුරු පළාතේ කුඩා දූපත්වල වෙසෙන ජනතාවගේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 115ක ණය ආධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා.

මීට අදාළ ඇපකරු ගිවිසුම සහ ණය මුදලට හා අනෙකුත් අරමුදල් දෙක සඳහා වූ ගිවිසුම්වලට එළඹීම මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ශ්‍රී විදෝවතී ඊට අත්සන් තැබුවා.

2016_12_19-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80