Friday, September 20, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන යහපාලනයේ කේන්‍ද්‍රස්ථානය විය යුතුයි




පළාත් පාලන ආයතන යහපාලනයේ කේන්‍ද්‍රස්ථානය බවට පත්විය යුතු යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පළාත් පාලන ආයතන ඇගයීම වෙනුවෙන් ඊයේ (20) පස්වරුවේ පැවති ස්වර්ණපුරවර සම්මාන උළෙල අමතමින්.

විධායක ජනාධිපතිධුරය හැරුණු විට පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට වැඩි විධායක බලයක් හිමිවන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. සිය බලය ජනතා යහපත වෙනුවෙන්ම යෙදවිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අපේ‍්‍රල් හෝ මැයි පැවැත්වීමට හැකිවනු ඇති බවටයි ජනාධිපතිවරයා ඊයේ ප‍්‍රකාශ කළේ. ඒ, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ති‍්‍රක් සහ ආසන සංවිධායකවරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි.