Saturday, July 27, 2024

General line - 0115112241

නෙත් අනාවරණයෙන් දෘශ්‍යාභාධිත ක්‍රිකට් කණ්ඩායමට සහනයක්…




ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයේ පැවති ශී‍්‍ර ලංකා කණ්ඩායම කෙරෙහි කී‍්‍රඩා බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ, නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසුවයි.

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායමට මෙම තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයේ පැවතියේ ගුවන් ටිකට්පත් සහ අවශ්‍ය පහසුකම් සපුරා ගැනීමට අනුග‍්‍රහකයෙකු නොමැතිවීම හේතුවෙන්. එහෙත් නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු කී‍්‍රඩා අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත ජාතික කි‍්‍රකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර පැවසුවා.

ඉකුත් වසර කිහිපයේදීම අන්තර්ජාතික දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් තරගාවලි රැසකට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම එහිදී ජයග‍්‍රහණ රැසක් අත්කර ගත්තා. අවසන් වරට පැවති ලෝක කුසලාන තරගාවලියේදී ලෝකයේ තුන්වන හොඳම දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම බවට පත්වූයේද ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායමයි.

02 iamge