Friday, April 26, 2024

General line - 0115112241

යාල කැලේදී ගැමුණු සංචාරකයකුගේ ලක්ෂ 2ක් කොල්ලකයි



යාල වනෝද්‍යානයේ පටනංගල ගෝණ ලැබ්බ ප්‍රදේශයේ දී සංචාරක ජීප් රථයක ගමන්කරමින් සිටි සංචාරකයකුට අයත් බෑගයක් ගැමුණු නම් ඇතා විසින් ගිලදමා තිබෙනවා. ගැමුණු තම හොඬය රිය තුළට දමා අදාල බෑගය ගෙන ගිල දමා ඇති බවයි පැවසෙන්නේ. සංචාරක ජීප් රථ වෙත හොඬය සංචාරයකයින්ගේ යම් යම් දේ ලබා ගැනීම ගැමුණුගේ පුරුද්දක් වනවා.

අදාල සංචාරකයා වනජීවී නිලධාරීන්ට පවසා ඇත්තේ එහි අමෙරිකානු ඩොලර් 1200ක් (රුපියල් 180000 පමණ) තිබූ බවය. ඊට අමතරව සංචාරකයාගේ කැමරාවද එතුළ වී තිබෙනවා.

iamge