Friday, September 20, 2024

General line - 0115112241

වෙල්ගම ලෙඩ කරනු! බන්ධනාගාරයට බලපෑම්!




රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නැයි බන්ධනාගාර උසස් නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ එච් වාට්ටුවේ මේ වනවිට රදවා සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ රාති‍්‍රයේ ඔහු එහි රැදවූ අවස්ථාවේ සිට බන්ධනාගාර ඉහළ නිලධාරීන් පිරිසකට දුරකතන ඇමතුම් ලැබී තිබෙනවා. ඒ ශෂි වෙල්ගම් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසටයි. එහෙත් එම ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කළ බවයි බන්ධනාගාර උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.

ඉකුත් පාලන සමයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට දුනුකොල මිළදී ගැනීමේදී රුපියල් මිලියන එකසිය විසි පහක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි ශෂී වෙල්ගමට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ අනුව හෙට දින දක්වා ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ශෂී වෙල්ගම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමගේ ඥාතියකුද වනවා.