Friday, September 20, 2024

General line - 0115112241

ඇමතිකම බල්ලට ගියත් ජනතාවට සාධාරණය ඉල්ලන ඇමති




කළුතර බුලත්සිංහල ප‍්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවකට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා. ඒ, එම කර්මාන්ත ශාලාවෙන් ඉවතලන අපද්‍රව්‍ය හේතුවෙන් ප‍්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත් වන බව පවසමින්.

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතාවට සාධාරණයක් ඉටුවනතෙක්, ඇමතිකම බල්ලට ගියත් තමා එම ස්ථානයෙන් ඉවත් නොවන බවය.

මෙම රබර් කර්මාන්ත ශාලාවට එරෙහිව විරෝධතාව ප‍්‍රදේශවාසීන් විසින් ආරම්භ කරනු ලැබුවේ ඊයේ උදෑසනයි. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ පස්වරුවේ සිට විරෝධතාකරුවන් සමග එක් වුණා.