Friday, September 20, 2024

General line - 0115112241

තමිල්නාඩු මහ ඇමති අගමැතිට ලංකාව ගැන ගතු කියයි




ඉන්දු – ශී‍්‍ර ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස තමිල්නාඩු නව ප‍්‍රධාන අමාත්‍ය  ඕ. පන්නීර් සෙල්වම් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ ගැටළුව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථිර තීරණයක් දැනුම්දිය හැකිද යන්න පිළිබදවයි.

එමෙන්ම කච්චතිව් ගැටළුවට ස්ථිර විසදුමක් ලබාගැනීමටද මැදිහත් වන ලෙසටයි  ඕ. පන්නීර් සෙල්වම් ඉල්ලා ඇත්තේ. ඒ, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින්. ඔහුගේ මෙම ලිපියට ආසන්න වශයෙන් බලපා ඇත්තේ ශී‍්‍ර ලංකා මුහුදු තීරයේදි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක්.